අඹගමුව ප්‍රදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසුවේ ගිනිගත්හේන රංජුරාව සදසිරිගම ප්‍රදේශයේ නාය යෑමේ අවදානමක් පවතින බවයි.මේ නිසා නිවාස 12 ක පදිංචි පවුල් 13 වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.
ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන රංජුරාව ඉහල කදු මුදුණේ පිහිටි සදසිරිගම ගම්මානය ස්ථාන කිහිපයකින් විශාල ලෙස ඉරි තලා ඇති බවත් එම ගම්මානයේ පිහිටි නිවාස කිහිපයක බිත්ති පුපුරා ඇති බවත් අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියේය.
අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් කණ්ඩායමක් එම ගම්මානයට පැමිණ පරික්ෂණ පවත්වා එම ගම්මානයේ පදිංචිකරුවන් ඉවත් වන ලෙසට කළ දැනුම් දිමක් මත පවුල් 13 ක සමාජිකයන් තාවකාලිකව එම ගම්මානයට යාබදව පිහිටි තේ වත්තක ගොඩනැගිල්ලක පදිංචි කර ඇති බවත්,අවතැන් වු ගම්වාසින්ට අවශ්‍ය ආහාර පාන සහ පහසුකම් ලබාදිමට පියවර ගත් බවත් ය







