රජයේ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයමිණි මිගෙල්හේවා පැවසුවේ දිස්ත්‍රික්ක ගණනාවක ඩෙංගු (Dengue) කීට ඝණත්වය ඉහළ මට්ටමක පවතින බවයි. කීට විද්‍යාත්මක සමීක්‍ෂණවලට අනුව ඉදිරි මාසයක පමණ කාලය තුළ රටපුරා ඩෙංගු හිස එසවීමේ අවදනම ඉහළ අගයක පවතින බවය.
ඉන්දියාවේ ඊඩිස් ඇල්බොපික්ටස් ඩෙංගු වාහක මදුරුවන්ගෙන් සිකා වයිරසය පැතිරී යන බවට හඳුනාගෙන ඇත. මෙම මදුරු විශේෂ දෙක ඩෙංගු රෝග වාහක මදුරුවන් බවට මෙරටට හඳුනාගෙන ඇත.
ඩෙංගු රෝග ප්‍රධාන වාහක මදුරුවා වන ඊඩිස් ඊජිප්ටයි දිවයිනේ ප්‍රධාන නගර තදාසන්න ප්‍රදේශවල සීඝ්‍රයෙන් බෝවී ඇති බවත් ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවන් දිවයිනේ සෑම ප්‍රදේශයකම හඳුනාගෙන ඇති බවත් හෙතෙම පැවැසීය.
විද්‍යාඥයින් තහවුරු කරන්නේ ඩෙංගු රෝග වාහක ප්‍රධාන වාහකයින් සහ අපිරිසිදු ජලයේ බෝවන බරවා වාහක මදුරුවාගෙන් සහ තවත් වාහක මදුරුවන්ගෙන් සිකා වයිරසය පැතිර යන බවයි. මේ අනුව ඩෙංගු සමග සිකා (Zika) වයිරසය රටපුරා පැතිරයාමේ අවදානමක් පවතී.




