කොරෝනා මර්දන එන්නත් නිර්දේශිත මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සිදු කරනු ලබන ඇන්ටිජන් පරීක්ෂාවෙන් ද ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට හැකි බව සංචාරක අධිකාරිය පවසනවා.
මෙලෙස පැමිණෙන සංචාරකයන් ගුවන් ගතවීමට පැය 72කට පෙර ලබාගත් පී.සී.ආර් පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බව තහවුරු කරන වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.කෙසේ වුවද මෙම සංචාරකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද පරීක්ෂණාගාරයකින් දිවයිනට පැමිණ 7වන දිනයේදී නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගත යුතු වනවා




