කොළඹ, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ඉන්දීය ඩෙල්ටා කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් 19 දෙනෙකු හමුවී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ නාවික හමුදා සාමාජිකයන් කිහිප දෙනකුද ඒ පිරිසේ සිටින බවයි.
රටින් එකවර සොයා ගැනුණු ඩෙල්ටා කොරෝනා වයිරසය ආසාදනයවූ පුද්ගලයන් වැඩිම සංඛ්‍යාව මෙය වන අතර මෙරටින් මෙතෙක් හමුවී ඇති ඩෙල්ටා කොරෝනා වයිරස ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 38කි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කල පර්යේෂණ මගින් මෙම ඩෙල්ටා ආසාදිතයන් දහනව දෙනා හඳුනාගෙන ඇත.අලුතින් සොයා ගැනුණු මෙම ඩෙල්ටා ආසාදිතයන් පිළිබඳ වාර්තාවක් එම අධ්‍යයන අංශය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ (15) බාරදෙනු ලැබීය
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මෙම රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් පැහැදිලිව හඳුනාගෙන අවශ්‍ය සෞඛ්‍යමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති බවයි.