මෙරටට අද (16) ලැබුණු මොඩර්නා එන්නත් මාත්‍රා මහනුවර දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.
මොඩර්නා එන්නත් භාවිත කරමින් මහනුවර දිස්ත්‍රික්ක එන්නත්කරණ වැඩසටහනේ ඉතිරි කොටස සාර්ථක කරගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
මෙම ඒන්නත් මෙරට එන්නත්කරණ වැඩපිළිවෙලට යොමු කරන 5වන එන්නත බවත් මෙය ෆයිසර් එන්නත හා සමානම එන්නතක් බවත්, සෙල්සියස් අංශක -20ක උෂ්ණත්වයේ ගබඩා කරලා තියන්න පුළුවන් වන 93% කාර්යක්ෂමතාවයක් තිබෙන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා.
අද ලැබුණු මෙම එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙලේ ඉතිරි කොටස සාර්ථක කරගැනීම සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව පැවසූ ඒ් මහතා ඉදිරියේදීත් මොඩර්නා එන්නතේ තවත් මාත්‍රා තොගයක් අපේ රටට ලබාදීමට අමෙරිකාවේ අවදානය යොමුව තිබෙන බවත් එන්නත් නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඒ් මහතා සඳහන්කලා.




