ගුරු මාර්ගගත ඉගැන්වීම් වැඩ වර්ජනය තව දුරටත්


පසුගිය (12 වැනිදා) සඳුදා සිට අප රටේ ගුරු සහ විදුහල්පති සංගම් විසින් ඔන්ලයින් ඉගැන්වීමෙන් ඉවත්වීමට තීරණය කළා.  ප්‍රධාන කාරණය ලෙස  පසුගිය දිනවල ආණ්ඩුවේ මර්දන පිළිවෙතක් දියත් වූ බව පවසමිනුයි මෙය ආරම්භ වූයේ.

දෙහිවල ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී  ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මෙසේ පැවසුවා.

" ගුරු වැටුප් විෂමතාව ඇතුළු අපගේ සියලු ඉල්ලීම් සඳහා පියවරක් ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් පමණයි අප මෙම සටන නතර කරන්නේ. එතෙක් මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත් ව අප රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. සඳුදා සිට ලංකාවේ දිස්ත්‍රික්ක බොහෝමයක් ආවාරණය කරමින් අනුරාධපුර, පොලොන්නරුව, කෑගල්ල, අම්පාර, ඇල්පිටිය යන ප්‍රදේශයන්හි උද්ඝෝෂණ ව්‍යාපාර ඉදිරියේ දී දියත් කිරීමට කටයුතු කරනවා. අපගේ ප්‍රශ්න විසඳන ලෙස බල කරන අතර ඒ සඳහා ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බල කරමින් උද්ඝෝෂණ සිදු කරනවා."

එහිදී ඔහු තවදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

පසුගිය (12) දින සිට මාර්ගගත (ඔන්ලයින්) කටයුතුවලින් ඉවත්වීමට ලංකා ගුරු සේවා සංගමය ලෙසින් තීරණයකට පැමිණියා. පසුගිය 2019 වර්ෂයේ සිට ගුරු සහ විදුහල්පති සේවාවන්හි බරපතළ වැටුප් විෂමතාවයන් මෙන්ම ඒ විෂමතාවයන් ඉවත් කර ගැනීම වෙනුවෙන් අරගල රැසක් ගුරු සංගම් එකතුව සිදු කරන්නට සිදුවුණා. එම අරගලයන් හි උච්චතම අවස්ථාවට අප පැමිණෙමින් සිටියා.

2019 පෙබරවාරි 28 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් ද සිදුකරනු ලැබුවා.එහිදී කඳුළු ගෑස් ගසා, ජල ප්‍රහාර එල්ල කරමින් අපව මර්දනය කිරීමට සැරසුණා. ඉන් පසු මාර්තු 19 වැනිදා ගුරු සංගම් සියලු දෙනාම එකතු වී එක්දින වැඩවර්ජනයක් ද දියත් කළා. මාර්තු 26, 27 දෙදින වැඩ වර්ජනයක් සිදු කළා. පසුව පාස්කු ප්‍රහාරයත් සමඟ ඒ සියල්ල අත්හිටුවීමට අපට සිදුවුණා. නැවත සැප්තැම්බර් 26, 27 දෙදින වැඩ වර්ජනයක් සහ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වුණා. ඒ වන විට ඔවුන් පිළිගනිමින් සිටියා ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයන් තිබෙන බව.

වැටුප් වල අසාධාරණයක් තිබෙන බවත් ඔවුන් දැක්කා. ගුරු සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවා වන බවට පත්කර ප්‍රශ්නය විසඳන බවට එදා ආණ්ඩුව එකඟ වුණා. මෙම සංවෘත සේවාව සිදු කරන තුරු එතෙක් අතුරු වැටුපක් ලබා දෙන බව එකඟතාවය පළවුණා.

2019 ජනාධිපතිවරණයේ ඉහළ ජයග්‍රහණයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබුණා.

ගුරුවරු වැඩි පිරිසක් මේ රජය පත්කරගැනීමට ඡන්දය ලබා දුන්නා. තැපැල් ඡන්ද වලින් ඉහළ ප්‍රතිපල ඔවුන් ලබා ගත්තා. ජනාධිපතිවරයා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතා පැහැදිලිවම තිබුණා ගුරු සහ විදුහල්පති සේවාවන් හි වැටුප් විෂමතාවයන් ඉවත්කර සංවෘත සේවාවන් බවට පත්කරන බවත් සඳහන් කර තිබුණා. නමුත් එහෙම වුණේ නැහැ.

2020 මාර්තු 12 මේ රටේ පාසල් පද්ධතිය වසා දැමූ පසු ගුරුවරු online ඉගැන්වීමේ ක්‍රියාවේ නිරත වුණා. ඒ සඳහා විවිධ ක්‍රමවේදයන් ඔස්සේ වට්ස්ඇප්, සූම් විවිධ තාක්ෂණයන් ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට දරුවන්ට ඉගැන්වීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ආණ්ඩුව එක රුපියලක් ඒ සඳහා ලබා දුන්නේ නැහැ .

ස්වේච්ඡාවෙන් මෙම කටයුතු සිදුකළ ගුරුවරුන්ට මේ රටේ දේශපාලකයෝ අවමන් කිරීම සිදු කළා. එක ඇමතිවරයෙකු පැවසුවා එක ගුරුවරයෙකු ඇති කියලා ඔන්ලයින් උගන්වන්න.

පාර්ලිමේන්තුවේ යුද්ධ කරපු දැන් තවත් ඇමතිවරයෙකු කියනවා මෝඩයෝ තමයි උද්ඝෝෂණය කරන්නේ කියලා. ඒ අතර ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා බරපතළ ප්‍රකාශයක් කරනවා කාලකණ්ණි තමයි මේ උද්ඝෝෂණ කරන්නේ කියලා.

වසර 24ක සිට ගුරු වැටුප් විෂමතාවයන් තුළ සේවය කරන ගුරුවරුන්ට තමයි ඔහු මේ අවමන් කළේ.

මේ රටේ රාජ්‍ය සේවය සුදුසුකම් වලට සාපේක්ෂව අවම වැටුප් ලබන පිරිස වන්නේ ගුරුවරුන්. මහාචාර්යවරු දෙබානක් සිටියත් ගුරුවරුන්ට වැටුප් විෂමතාවයක් තිබෙන බව ඔවුන් දන්නේ නැහැ.

මේ අවලාද වලින් අපගේ අරගලය නතර කරන්න බැහැ. මර්දනයට එරෙහිව සටන, නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ සටන, කොතලාවල පනතට එරෙහිව සටන මෙන්ම ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කර ගැනීමේ සටන අනිවාර්යය ලෙස ඉදිරියට ගෙන යනවා .”

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ගුරු මාර්ගගත ඉගැන්වීම් වැඩ වර්ජනය තව දුරටත්
ගුරු මාර්ගගත ඉගැන්වීම් වැඩ වර්ජනය තව දුරටත්
පසුගිය (12 වැනිදා) සඳුදා සිට අප රටේ ගුරු සහ විදුහල්පති සංගම් විසින් ඔන්ලයින් ඉගැන්වීමෙන් ඉවත්වීමට තීරණය කළා. ප්‍රධාන කාරණය ලෙස පසුගිය දිනවල ආණ්ඩුවේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiq0KPVztzn06LpJUg6IYJN2DfjVfIvWRkdxSX6aNtVZ-OczILlqWsePm1xK-JbEWFTv9zoNbk-sHNn1Mgj1W2LTk-zVURCGUqgCgSkQS9V-Zh72N097m1fE20wSX9S9j7NISmR2RPZIJs/s16000/17-teacher-online-teaching-strike-continues.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiq0KPVztzn06LpJUg6IYJN2DfjVfIvWRkdxSX6aNtVZ-OczILlqWsePm1xK-JbEWFTv9zoNbk-sHNn1Mgj1W2LTk-zVURCGUqgCgSkQS9V-Zh72N097m1fE20wSX9S9j7NISmR2RPZIJs/s72-c/17-teacher-online-teaching-strike-continues.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/07/17-teacher-online-teaching-strike-continues.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/07/17-teacher-online-teaching-strike-continues.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content