කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල මෙම සතියේ සිට ජල ධාරිතාවය වැඩි කිරීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.
මෙමගින් නිරන්තරයෙන් සිදු වන ජල කප්පාදුව අවම කිරීමට හැකියාව ලැබෙන බව ඔවුන් සඳහන් කරනවාත
දිනකට අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් කොළඹට ඝන මීටර් පන් ලක්ෂ පනස් දහසක් ( 5,50,000) ජලය සැපයෙන අතර බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය ඝන මීටර් පනස්දහසක් ( 50,000) සපයමින් ජල ධාරිතාවය වැඩි කිරීමට පියවර ගෙන ඇත.
‘‘කොළඹට ජලය ගෙන යන ජලනළ අවුරුදු සියයකටත් වඩා පැරැණි නිසා මාර්ග දෙපස ජල කාන්දුවීම් නිතර ඇති වුණා. ජල පොම්ප අවුරුදු තිහකට වඩා පරණයි. මේ සියල්ල අලුතින් යොදා ඇරැඹූ මෙම ව්‍යාපෘතියෙන් කාර්යක්ෂමතාවය වැඩි කර ජලය පොම්ප කිරීමට වැයවන විදුලි පිරිවැයක් අවම කර ගැනීමට හැකිව තිබෙනවා, යැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු පී.යූ. රංජිත් මහතා පැවසුවා.
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ උපදෙස් මත මිලියන සියයක මුදලක් වැය කර ආරම්භ කළ මෙම නව ව්‍යාපෘතියෙන් ජල කප්පාදුව සියයට අනූවකින් අවම කිරීම අපේක්ෂාවය.




