ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ සයිනොෆාම් එන්නත (The Sinopharm COVID-19 vaccine) ගත් පුද්ගලයන්ගෙන් සියයට 95කගේම ශරීරයන්හි හොඳින් ප්‍රතිශක්තිය ගොඩ නැංවෙන බවය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ, ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන පරිදි ඩෙල්ටා සහ බීටා වයිරස ප්‍රභේද සඳහාත් සයිනොෆාම් එන්නතෙන් ඉහළ රැකවරණයක් සැලසෙන බව එම පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් 282ක් යොදාගෙන මෙම පරීක්ෂණය සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ උපදෙස් මත ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලදී .
එනම් සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ගත් වයස 20ත් 39ත් අතර පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය සියයට 98.9දක්වාද වයස 60වැඩි පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය සියයට 93.3ක් දක්වාද වර්ධනය වන බව මෙම පරීක්ෂණයෙන් තහවුරු වී ඇති අතර ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේද සොයා ගැනීම සඳහා තවත් පරීක්ෂණ වටයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් අරඹනු ලැබ ඇත.