ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය (Smart Face Mask) BreathTech-S3 සන්නාමයෙන් ලොවට හඳුන්වාදීම අද (19)දින සිදු කෙරිණි. තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෙය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා පරිශ්‍රයේ දී සිදුවිය.
මෙම පරිසර හිතකාමි ස්මාර්ට් මුව ආවරණයේ නිෂ්පාදන ක්‍රියාවලියට හයිඩ්‍රාමනී (Hirdaramani) සමූහය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සහ CirQ Technolagies ආයතන ත්‍රිත්වය එක්ව දායක විය.
මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ Hirdaramani ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හා CirQ තාක්ෂණ ආයතනයත් එකට අත්වැල් බැඳගෙන මේ කර්තව්‍යය සාර්ථක කරන්න හැකිවීම පිළිබඳව ස්තූතිවන්ත වෙනව බවයි.
සාමාන්‍ය මුව ආවරණයකින් ක්‍රීඩකයින් මුහුණදෙන ගැටලු රාශියකට මෙම ස්මාර්ට් මුව ආවරණය හරහා පිළිතුරු ලැබි ඇති අතර මෙහි ඇති සංවේදක Bluetooth තාක්ෂණය හරහා ජංගම දුරකථන යෙදුමට (app) සම්බන්ධ වී පැලඳ සිටින ක්‍රීඩකයාගේ ආශ්වාස ප්‍රාශ්වාස කරන ඔක්සිජන් ප්‍රමාණයේ සිට විවිධ වැදගත් දත්ත නිරීක්ෂණය කළ හැකියි.