එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට පොලිස් නිලධාරීන් 300කට අධික සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
මෙම තත්ත්වය පිළිබඳ කනස්සල්ල පළකරමින් පොලිස් දෙපාර්තමේන්තුව සෞඛ්‍ය විශේෂඥයන් වෙත ලිපියක් යවා ඇති අතර ආසාදිත පොලිස් නිලධාරීන් කිසිවෙකුටත් වෛරසයේ දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව එම ලිපියේ සඳහන් කර තිබෙනවා.සෞඛ්‍ය නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ එන්නත් ලබා දීමෙන් වෛරසයේ දරුණු ස්වරූපයන් ඇති වීම මෙන්ම මරණ වළක්වාගත හැකි වුවද පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වීම වළක්වා ගත නොහැකි බවයි.
එමෙන්ම වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය නිසා සිදුවන හානිය වැලැක්වීම සඳහා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.