කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය, බොරැල්ල පොලීසිය මෝසමක් මගින් කළ ඉල්ලීමකට අනූව අද (19) නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගේ දුරකථන සංවාද විශ්ලේෂණ වාර්තා වහාම බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙසටය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකටත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ දැරියව හැටන් ප්‍රදේශයේ සිට රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට රැගෙන ආ තැරැව්කාරුගේ බැංකු ගිණුම් වාර්තා ද බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙසටය.
බොරැල්ල පොලීසිය විසින් මෝසමක් මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දුරකථන සංවාද විශ්ලේෂණ වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා අවශ්‍ය බවට අදාළ නියෝග නිකුත් කෙරිණි.
මේ අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්. එන්. රුහුල් හක් මහතාගේ අත්සනින් යුතුව එම වෛද්‍ය වාර්තාව බොරැල්ල පොලීසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
පිළිස්සුම් තුවාල සහිතව එම දැරිය කොළඹ ජාතික රෝහලේ දී පසුගිය දා මිය ගිය අතර පසුව හෙළිදරව් වී ඇත්තේ එම දැරිය ගර්භණීභාවයෙන් තොරව කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට පත්ව ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දක්වු ඇත.
මරණයට පත්වූ දැරිය අඩන්තේට්ටම්, පහරදීම් ආදියට ලක්ව නොමැති අතර, සිරුරට ගිනි ඇවිලීමෙන් මතුපිට සම 72% කට වඩා වැඩි ප‍්‍රමාණයක් පිළිස්සී විනාශ වී ඇති බව ද එම වෛද්‍ය වාර්තාවේ සදහන්ව ඇත.
එසේම, දැරිය මියගොස් ඇත්තේ ගින්නෙන් ඇතිවූ බාහිර පිළිස්සීම් තුවාල විෂබීජ ආසාදනයක් හේතුවෙන් හටගත් කම්පනයෙන් බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය වාර්තාවෙන් දක්වා තිබිණී.
සබැඳි පුවත් -