ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කිරීම සඳහා සහ එහි තීරක කටයුතු සඳහා මෙරට කාන්තාවක් සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් වන ටී. නෙල්කා ශිරෝමාලා මහත්මිය 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ බොක්සිං තරග තීරක හා විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමට නියමිතයි.2017 වසරේ ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුවරියට හිමි සම්මානය දිනාගත් ඇය දක්ෂතම බොක්සිං විනිසුරු සදහා සම්මානය ලබාගත් ප්‍රථම ආසියානු කාන්තාව වීම ද විශේෂත්වයක්.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වූ ප්‍රථම කාන්තා විනිසුරුවරිය මෙන්ම ආසියානු මහද්වීප බොක්සින් තරඟ, අග්නිදිග ආසියානු බොක්සින් තරගාවලි සහ වෙන ජාත්‍යන්තර බොක්සිං තරගාවලි රැසක් විනිශ්චය කරමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දීමට ද ඇය සමත් වී තිබෙනවා.




