මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 980 දෙනෙක් ඊයේ (19) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,85,912ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ අතර කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 5172 දෙනෙකු සුවය ලබා ඊයේ (19) රෝහල්වලින් පිටවගොස් ඇති අතරකොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 261,848ක් වනවා.
ඉන් ආසාදිතයින් 18903 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පසුගිය දිනට මේ දක්වා පී. සී. ආර්. පරීක්ෂණ 120396 ක් සිදුකර ඇති බවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.
මෙතක් මෙරට සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 3827 දක්වා ඉහළගොස් ඇත.





