හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ කොළඹ 7 පිහිටි නිවසේදී පිලිස්සුම් තුවාල ලබා මියගිය බාලවයස්කාර (16 හැවිරිදි) දැරියගේ මරණය සම්බන්ධයෙන් කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ සහ බොරැල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
දැරියගේ මරණය සම්බන්ධයෙන් නිකුත්කර ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.හැටන්, ඩයගම පදිංචි 16 හැවිරිදි දැරිය වයස අවුරුදු 15 දී මෙම නිවසට 2020 වසරේ රැගෙන විත් ඇති බවත් තොරුතුරු අනාවරණය වී ඇත.
මේ අතර මෙම දැරියගේ සිරුරට ගිනි ඇවිළුණු ආකාරය පිළිබඳව මෙතෙක් නිෂ්චිතව සනාථ වී නැහැ. කෙසේ වෙතත් දැරිය මිය යාමට පෙර වෛද්‍යවරුන් හට හෙළි කොට ඇත්තේ තමන් සිය සිරුරට භූමිතෙල් වත් කොටගෙන ගිනිතබාගත් බව යි.
එමෙන්ම දිගු කලක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට දැරියගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇති පසුබිමක එම හේතුව නිසා ඇය දිවි නසා ගැනීමට උත්සහ දරා ඇති බවට පොලීසිය සැක පළ කරනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව යි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
මේ අතර දැරියගේ මරණය සහ ඇයට සිදුව ඇති බව පැවසෙන ලිංගික අතවර සම්බන්ධයෙන් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසෙහි පදිංචිකරුවන්වන ඔහුගේ බිරිඳ සහ මව්පියන්ගෙන් මෙන්ම එම නිවසෙහි මෙහෙකාර සේවයේ නිරතව සිටින තවත් තරුණයෙකුගෙන් ද බොරැල්ල පොලීසිය විසින් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කරමින් සිටින බව වාර්තා වෙනවා. එමෙන්ම බාලවයස්කාර දැරියක් මෙලෙස මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසෙනවා.
සබැඳි පුවත් -




