රාගම රෝහලේ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයකට අයුතු ලෙස ඇතුළු වී ඇඳුම් මාරුකරන ඡායාරූප ගත් බව කියන වෛද්‍යවරයාට එරෙහිව තවත් වෛද්‍යවරියන් දෙදෙනකු ද රාගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මෙම පැමිණිල්ල කළ වෛද්‍යවරියකගේද ඇඳුම් මාරුකරන ඡායාරූප විශාල ප්‍රමාණයක් ගෙන ඇතැයි විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
සමග ෆේස්බුක් මාර්ගයෙන් ප්‍රේම සබඳතාවක් ඇතැයි අසත්‍ය තොරතුරු කියමින් වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට රිංගා ඇති බවට අනක් වෛද්‍යවරියක පැමිණිලි කර තිබෙනවා.
මෙම සැකකාර වෛද්‍යවරයා මීට පෙර රාගම රෝහලේ සේවය කර 2017 දී ස්ථාන මාරු ලැබ ගොස් තිබෙන කල්මුණේ පදිංචි වෛද්‍යවරයෙක්.
මොහු පසුගිය ජුනි මාසයේදී කොළඹ ජාතික රෝහලට පත්වීමක් ලැබ පැමිණි තිබෙනවා.
සැකකාර වෛද්‍යවරයා එළඹෙන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට පත් කර ඇති අතර ඔහුගේ දුරකථනය පොලිසිය භාරයට ගෙන විමර්ශණ සිදු කරමින් පවතී.




