හානිකර සහ අනවශ්‍ය පණිවුඩ හුවමාරුව හේතුවෙන් මැයි 15 සිට ජුනි 15 දක්වා අතර කාලය තුළ ඉන්දියාවේ පමණක් වට්ස්ඇප් ගිනුම් මිලියන දෙකක් තහනම් කර තිබෙනවා.
වට්සඇප් බලධාරීන් පෙන්වා දෙන්නේ වැරදි තොරතුරු සහ ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරවීමේ කේන්ද්‍රස්ථානය බවට ඉන්දියාව පත්වී ඇති බවයි.
මෙසේ සංසරණය වන යම් පණිවිඩ, වීඩියෝ හෝ ඡායාරූප ඉන්දියාවේ මැර ප්‍රචණ්ඩත්වය ඉහළ දැමීමට සහ මරණවලට පවා හේතු වී ඇත.
එම ආයතනයේ බලධාරීන් පවසන්නේ උසස් යන්ත්‍ර අධ්‍යන තාක්ෂණය භාවිත කරමින් සෑම මසකම ලොවපුරා ගිණුම් මිලියන 8කට ආසන්න සංඛ්‍යාවක් තහනම් කරන බවයි.




