රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අද (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නෙදර්ලන්තයෙන් සහ ඇමරිකාවෙන් සීදුව ප්‍රදේශයේ පිහිටි බෙදාහැරීමේ ආයතනයකට පිළියන්දල, ඉංගිරිය, මිනුවන්ගොඩ, මාතර සහ පොල්ගස්ඕවිට යන ප්‍රදේශවල ව්‍යාජ ලිපිනයන්ට මෙම පාර්සල් එවා තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ජංගම පුටුවක් තුළ සඟවා තිබූ කුෂ් ගංජා ග්‍රෑම් 3900 ක් ද ලියුම් කවරයක තිබී ගංජා ඇට විශාල ප්‍රමාණයක් ද හමු වූ බවයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබෙනවා.




