පසුගිය දා පිළියන්දල, මිරිස්වත්ත ප්‍රදේශයෙන් හමුවූ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වෛද්‍ය ශිෂ්‍යාගේ ආශ්‍රිතයන් ප්‍රදේශ දෙකකින් හමුවී තිබෙනවා.
එම ආශ්‍රිතයින්ගේ ජෛව පටල සාම්පල ලබාගෙන ඇති බව (PCR ) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවා.මෙම සාම්පලවල කොරෝනා ඇතැයි තහවුරු වුවහොත් ඒවා ජාන විශ්ලේෂණය සදහා ද යොමු කිරීමට කටයුතු කරන බව ඒ මහතා පැවසුවා.
මෙම වෛද්‍ය ශිෂ්‍යයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර පසුගිය කාලයේ විශ්ව විද්‍යාලයට පැමිණි නොමැතිවීම හේතුවෙන් විශ්ව විද්‍යාලය තුළ කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා.
පසුගිය 09 වැනිදා සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වුනා. ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කර තිබේ. නිවැසියන්ද නිරෝධායනයට යොමුකර ඇති අතර ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ 15 වැනිදා සිදු කිරීමට නියමිව තිබුනා.




