රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් අද (17) නිකුත් කර තිබේ.
මේ ගැසට් නිවේදනය මගින් මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ,ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය ඇමතිවරුන්ගේ විෂය පථයන් සංශෝධනය කර තිබෙනවා.
පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනාට නව රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදෙනු ලුබුන අතර ඒ අනුව මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැලසුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මෙම ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇත.




