ප්‍රවීණ ගීත රචක සහ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගාතුරව සිටි ඒ මහතා වත්තල කල්‍යාණි මාවතේ පිහිටි නිවසේදී අද (17) දහවල් අභාවප්‍රාප්ත වන විට ඔහු 74 වැනි වියේ පසුවිය.
80 දශකයේ ගීත රචනා කලාවට ප්‍රවිෂ්ඨ වූ කැමිලස් පෙරේරා මහතා "හිමිනැති පෙමකට", "දේව මන්දිරයේ", "ආදර ප්‍රියලඳුනේ මට මුළු ලොව ලොවම ඔබයි", "උන්මාදවූ ප්‍රේමාදරේ", "හදවිලේ ඔබ පිපුණා" වැනි සදා මතකයේ රැඳෙන ගීත රැසක මැවුම්කරුවා ය. ජනප්‍රිය චිත්‍රපට ගී ඇතුළුව ඔහු විසින් රචනා කර ඇති ගීත සංඛ්‍යාව 1,000කට ආසන්නය.
1947 වසරේ අප්‍රේල් මස 04 වැනිදා වත්තලදී උපන් ඔහු සරසවිය පුවත්පත ඇතුළු පුවත්පත් රැසක විශේෂාංග ලේඛකයෙකු ලෙස හා කර්තෘ තනතුරු හෙබවූ අතර පසුගිය දිනවල අසනීපයෙන් පසුවිය.
එතුමාගේ දේහය හෙට(18) උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා වත්තල මහින්ද මල් ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත . එදිනමහෙට හෙට (18) වත්තල කතෝලික පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
සබැඳි පුවත -






