ඉන්දියාව දකුණු ඇමරිකාව දකුණු අප්‍රිකාව සහ යුරෝපා රටවල් කිහිපයක් වෙත පනවා තිබූ ගුවන් ගමන් සීමාවන් ලිහිල් කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසනවා.
ඉහත රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්, ද්විත්ව පුරවැසියන් සහ තානාපති නිලධාරීන් මෙරටට පැමිණීමට පෙර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ, විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසර ලබා ගත යුතුයි.
ශ්‍රී ලංකාවට පැමිණි වහාම ඔවුන් පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු විය යුතු අතර දින 14ක් නිරෝධායනයට ලක් වීමෙන් පසුව නැවතත් පී.සී.ආර් පරීක්ෂණයකට යොමු විය යුතු බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.




