ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඊයේ (16)දින සිට චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්දන එන්නත මෙරටේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නේය.
ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ මේ අනුව හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇති සියලුම එන්නත්වලට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බවයි.
මෙරට හදිසි භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති කොරෝනා එන්නත් සංඛ්‍යාව හයක් ලෙස සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.




