පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ලේ පිහිටි නිවසේ සේවය කරමින් සිටියදී පිලිස්සුම් තුවාල ලබා මියගිය දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී තිබෙනවා.
තලවකැලේ දයාගම වතුයායේ පදිංචි මෙම දැරිය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ගෘහ සේවිකාවක් ලෙස කොළඹට පැමිණ තිබෙන්නේ වයස අවුරුදු 15 දී බව අනාවරණය වී ඇත.බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසන්නේ අදාළ දැරිය මන්ත්‍රිවරයාගේ නිවෙසට පැමිණ තිබෙන්නේ මීට මාස 8 කට ඉහත දී බවත් ඊට පෙර සිටම ඇය අපයෝජනයට ලක්ව ඇති බව තහවුරු වී ඇති නිසා ඇය පදිංචි ප්‍රදේශය ආශ්‍රිතව ද පරීක්ෂණයක් සිදු කරන බවයි.
බොරැල්ල පොලිසිය සහ කොළඹ (දකුණ) ප්‍රාදේශීය ළමා හා කාන්තා කාර්යාංශය දැරියගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
සබැඳි පුවත් -




