ජර්මනියේ ඇති වී ඇති ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන් 92 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 1,300කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති බව විදෙස් පුවත් වාර්තා කළේය.
පසුගිය දින කිහිපය ඇතුළත බටහිර යුරෝපයට ඇද වැටුණු වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් ගංගා පිටාර ගැලීමට පටන් ගෙන ඇති අතර, පළාත් රැසක් ජලයෙන් යට වී ඇත. දශක ගණනාවකට පසු මෙවැනි ගංවතුර තත්ත්වයක් ජර්මනියේ ඇති වී තිබෙන බව ජර්මානු පුවත් සඳහන් කළේය.
අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් පළාත්වල ජංගම දුරකතන සම්බන්ධතා ද බිඳ වැටීම නිසා. විපතට පත්වූවන්ගේ තත්ත්වය සොයා බැලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ පෑමට ද සිදු වී ඇත. විදෙස් පුවත් අනාවරණය කළේ ගංවතුරෙන් වැඩි හානියක් ජර්මනියේ බටහිර පළාතට සිදුවී ඇති අතර, එහි බලපෑම තක්සේරු කිරිම ද අපහසු වී ඇති බවයි.
ජර්මානු චාන්සල්වරිය මේ අවස්ථාවේ අමෙරිකාවේ සංචාරයක නිරතව සිටින අතර විපතට පත්වූවන්ට දැඩි කනගාටුව පළ කරන අතර, කඩිනමින් සහන සැලසීමට බලධාරින්ට උපදෙස් දී තිබේ.
Here in Germany, dozens have died in floods, hundreds are missing, thousands have lost their homes. It's devastating. This is the climate crisis unravelling in one of the richest parts of the world — which for a long time thought it would be “safe”.
— Luisa Neubauer (@Luisamneubauer) July 16, 2021
No place is “safe” any more. pic.twitter.com/ECtqpmlYi2
Thousands of people were missing and more houses were destroyed in flood-stricken regions in western Germany and Belgium where further flooding is feared https://t.co/BfG4QXZIMo pic.twitter.com/Vl9dkhiR83
— Reuters (@Reuters) July 16, 2021
My god. This is Germany today. pic.twitter.com/Wnf5pbBIYO
— Anthony Quintano Photography (@AnthonyQuintano) July 16, 2021




