ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා ඊයේ සවස නිරෝධායන ක්‍රියාවලිය නිම වී පිටව ගියා.
මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ මොවුන් නිරෝධායන කාලය ගත කල අතර ඊයේ රාත්‍රීයේ යුද හමුදාවට අයත් බස් රථවලින් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස කොළඹට රැගෙන ඒමට නියමිතව තිබුනා.
මේ අතර ඔවුන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වල වාර්තා නිකුත්කර තිබෙන අතර 16 දෙනාටම කෝවිඩ් වයිරසය ආසාදනය වී නැතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤණානන්ද හිමි සහ ජාතික භික්ෂු පෙරමුණේ කොස්වත්තේ මහානාම හිමියන් ඇතුළු සියලු පිරිස මෙසේ පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කර තිබුණා.
මේ පිළිබඳව ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුවන් හමුදාවේ නිලධාරියකු පැමිණ තමන්ගේ පී.සී.ආර්. වාර්තා ලබාදුන් බවයි.
ඉකුත් අට වැනි දා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණයක නිතර වූ ස්ටාලින් මහතා ඇතුළු පිරිස පොලිස් අත්අඩංගුවට පත් වූ අතර අධිකරණයෙන් ඇපමත මුදාහැරීම පසුව ඔවුන් මුලතිව් පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානට යොමු කර තිබිණි.




