පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව රෝහල්ගත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි අතර රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඒ මහතාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ඔහු පවසනවා.
මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදීසිටියදී සිරුරට ගිණී ඇවිලී බරපතල ලෙස පිළිස්සුම් තුවාල සිදුවී රෝහල්ගත කර සිටි බාලවයස්කාර දැරියක ඊයේ (15) උදෑසන මිය ගියා.




