2021 ජූලි මස18 දින සඳහා කාලගුණ අනාවැකිය
2021 ජූලි මස18 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සහ මුලතිවු දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.
බස්නාහිර, දකුණු, සබරගමුව සහමධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.




