ගතවූ මාස හයක කාලය තුළ මෙරට රිය අනතුරු 7077ක් සිදුවී පුද්ගලයන් 1260 දෙනකු මරණයට පත්ව ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන ආකාරයට මෙම කාලයේදී රිය අනතුරුවලට ලක්ව සදාකාලික ආබාධිත බවට පුද්ගලයන් ද 3000ක් වනවා.
රියැදුරු බලපත්‍ර කාලානුරූපීව වෙනස් කිරීම, දඩ මුදල් විද්‍යුත් ක්‍රමයට ගෙවීමට හැකි ක්‍රමවේදයක් සැකසීම හා ඔස්ට්‍රේලියාව, ඇමරිකාව හා යුරෝපා රටවල ක්‍රියාත්මක කුසලතා ලකුණු ක්‍රමය හඳුන්වා දීමට පියවර ගැනීම මගින් රථවාහන අනතුරු වැළැකවිය හැකි බවද ඔහු පැවසුවා..
ආරක්ෂිත කැමරා මගින් රථවාහන වැරදි නියාමනය කිරීම හා රියැදුරන් බරපතළ රථවාහන වැරදි කරන්නේ නම් රියැදුරු බලපත්‍රය අත්හිටුවීම වැනි පියවර ගත යුතු බවද යෝජනා වී තිබෙන බවද සඳහන්.




