හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු ලිපියකින් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවා ඇතැයි ද දැනගන්නට ඇත.
මේ අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට දුමින්ද සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල ලිපියක් ද සංසරණය වෙමින් පවතී.
එහි ද සඳහන්ව තිබෙන්නේ දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති වශයෙන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් අනුමත කර ඇති බවයි.
2011 වසරේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2016 වසරේ මරණ දඬුවම් නියම වූ දුමින්ද සිල්වා මහතාජනාධිපතිවරයාගේ විශේෂ සමාව යටතේ ඉකුත් දා නිදහස් විය.





