සංචාරක ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෙක් කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා - ඉන්දීය දෙවැනි විස්සයි 20 ජාත්‍යන්තර තරගය එක් දිනකින් කල්දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.
ඉන්දීය කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස 8 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඉන්දීය කණ්ඩායමේ සියලුදෙනා අද සවස නැවත වරක් PCR පරීක්ෂණයකට මුහුණදීමට නියමිත බවත් ය.




