24 හැවිරිදි තම ගැබිණි දියණියගේ දරු ගැබ විනාශ කිරීමට උත්සාහ කළ මවක් කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දියණියට අවුරුදු 24 යි මාස 10 ක් යනතෙක් දරුවකු ප්‍රසූත කිරීම සුදුසු නොවන බව ජ්‍යෝතිෂ්‍යවේදියෙක් පැවසීම නිසා බෑණාට හොර රහසේ තම දියණිය පැහැරගෙන ගොස් වලව්වක සඟවාගෙන තබා දරු ගැබ විනාශ කිරීමට ඇය සූදානම් වී ඇත.
මෙම මව තම ගර්භනී දියණියට කිසියම් පෙති වර්ගයක් ද බීමට සළස්වා ඇති බවයි වාර්තා වන්නේ.
තමාව රඳවාගෙන සිටි නිවසින් කෑගල්ල නගරයට පැනගොස් මෙම ගර්භණී කාන්තාව තම සැමියාට සියලු විස්තර පවසා පෑලියගොඩ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරිබත්ගොඩ පොලීසියට භාරදීමෙන් පසු අදාළ සැකකාර මව අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් මව කොළඹ දෙපාර්තමේන්තුවක කලමණාකාර සහකාරවරියක් බව පොලීසිය පවසයි.