කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදන දෙකක් නිකුත්කර තිබෙනවා.
නිවේදන අංකය : 06 වර්ණය : ඇම්බර්
ජූලි මස 25 වන දින ප.ව. 01.00 වන තෙක් වලංගු වන පරිදි නිකුත් කරන ලද තද සුළං ඇතිවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනය.
ගොඩබිම් ප‍්‍රදේශ සඳහා
සැලකිලිමත් වන්න!
නිරිත දිග මෝසම තත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං බලාපොරොත්තු විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ | දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක.
මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
නිවේදන අංකය : 07 වර්ණය : ඇම්බර්
2021 ජුලි මස 25 වන දින ප.ව. 02.30 වන තෙක් වලංගු වන පරිදි නිකුත් කරන ලද තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනය.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා
සැලකිලිමත් වන්න!
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා ඉහළ යා හැක.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 පමණ දක්වා වැඩි විය හැක.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.