කොරෝනා ව්‍යසනය නිසා පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතව සිටින පුද්ගලයින්ගේ ණය සහන කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම රජය පියවර ගෙන තිබෙනවා.
මේ අනුව එම ණය සහනය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මේ වනවිට හෝටල් ක්ෂේත්‍රයේ මිලියන 300 කට වඩා ණය ප්‍රමාණයක් පවතින බවත් බහුතර පිරිසක් වාණිජ බැංකු හරහා මෙම ණය ලබා ගෙන ඇති බැවින් වාණිජ බැංකු ද දැඩි පීඩනයකට ලක්ව සිටින බව සංචාරක අමාත්‍යංශය පවසනවා.
අදාළ මුලු ණය ප්‍රමාණයම නැවත අලුත් ණයක් ලෙස අදාළ වාණිජ බැංකුවල ලියාපදිංචි කරවීම පිණිස මෙම වාණිජ බැංකුවල ණය පියවීම සඳහා ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනදායි ණයක් ලබා ගන්නා ලෙස සංචාරක අමාත්‍යංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇතැයිද ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.