පුත්තලම නගර සභාව සංවිධානය කරන ලද පුත්තලම නගරයේ පැවැති හජ්ජී පොළ සදහා කොරෝනා නීති පසෙක තබමින් විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා.
මෙම පොළ දින තුනක් පුරා පැවැත්විණු අතර 20 වැනි දා රාත්‍රි සිට 21 වැනි දා අලුයම දක්වා 4000 කට අධික පිරිසක් පැමිණ තිබෙන බවට වාර්තා වනවා.
මෙම හජ්ජී අවුරුදු පොළ සදහා පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ කිසිදු අවසරයක් ලබා ගෙන නොතිබූ බවත් රාත්‍රි කාලයේ පොළ නොපවත්වන ලෙසට උපදෙස් ලබා දී තිබූ බවත් සෞඛ්‍ය අංශ පවසනවා
වෙළඳසල් මිටර් 10 ක දුරින් දුරට පවත්වා ගෙනයන ලෙසට දැනුම් දී තිබුණද නගර සභාව එය ටනතකා තිභූ බව සෞඛ අංශ වැඩිදුරටත් පවසනවා.
කෙසේ වෙතත් මෙම හජ්ජී පොළට පැමිණ සිටි බහුතරයක් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරන බවක් පෙනෙන්නට තිබී නැත.
මේ වන විට පුත්තලම නගරයෙන් ආසාධිතයන් 300 කට ආසන්න පිරිසක් ද කොරෝනා වයිරස ආසාදිත මරණ 10 ක් ද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.