කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයි.
කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූයේ අද අලුයමයි.
ඔහු කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුගියදා කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තාවුන අතර ඔහු පසිගිය දින කිහිපයේ බරපතල තත්වයේ පසුව තිබේ.
ඔහු කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිට ඇති බවද දැනගන්නට ලැබේ.
කැපිටල් මහරාජා සංවිධානයේ සහ එහි උප සමාගම් වල පරම හිමිකාරීත්වය ඇත්තේ රාජමහේන්ද්‍රන් පවුලට වේ. රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් යනු සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ පුරෝගාමීන්ගෙන් කෙනෙකු වන සින්නතම්බි රාජන්ද්‍රම්ගේ පුත්‍රයා වේ. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ කොටස් තනිව රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් හට හිමිවන්නේ සුළු ප්‍රමාණයක් වුවත්, සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම හරහා රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් කොටස් 79.95% ක් සහ ඔහුගේ පුත්‍රයා වන ශෂීධරන් රාජමහේන්ද්‍රන් හට කොටස් 20.05% ක් වශයෙන් සමස්ත සංවිධානයේ හා එහි උප සමාගම් වල අයිතිය ඔවුන් දෙදෙනාට තිබේ. සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමට කැපිටල් මහරාජා සංවිධානයේ සෘජු කොටස් තිබෙනා අතර, කැපිටල් හෝල්ඩින්ග්ස් වක්‍රව අනෙකුත් උප සමාගම් වල හිමිකාරීත්වය දරයි. එසේ කැපිටල් හෝල්ඩින්ග්ස් මගින් වක්‍රාකාරීව හිමිකාරීත්වය දරණා සමාගම් වන්නේ සීමාසහිත එස්-ලෝන් ඉන්ඩස්ට්‍රියල් ප්ලාස්ටික්ස් (පුද්) සමාගම, එස්-ලෝන් ලංකා, සීමාසහිත හැරිසන්ස් (ලංකා) (පුද්) සමාගම, සීමාසහිත අයි.සී.එල් මාර්කටින් (පුද්) සමාගම සීමාසහිත ඒ. ඵෆ්.ජෝන්ස් එක්ස්පෝටර්ස් (ලංකා) සමාගම, සහ තවත් ඒවා වේ.
සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ඇතුළු සංවිධානයේ සමාගම් කිහිපයක කොටස් පාර්ශ්විකව හිමි ශෂීධරන් රාජමහේන්ද්‍රන්, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුර දරයි. පවුලේ වෙනත් සාමාජිකයින් කිහිප දෙනෙකුද සංවිධානයේ විවිධ නිල තල දරයි.
රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන්ගේ බිරිඳ වර්තමානයේදී සංවිධානය යටතේ ඇති සමාගමක් වන රූමර්ස් සැලෝන් හි ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරයි. මේ අතර රාජමහේන්ද්‍රන්ගේ දියණිය අංජලී රාජමහේන්ද්‍රන් සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරියක ලෙසින් කටයුතු කරයි. රාජන්ද්‍රම් මහරාජා සහ පද්මා මහරාජා දෙදෙනාගේ පුත්‍රයා වන ප්‍රදීප් මහරාජාද සමූහ අධ්‍යක්ෂ තනතුරක් දරයි.