Header Ads

උණුසුම් පුවත්

ගාල්ලේ ගුරුවරු පිරිසකගෙන් සා.පෙල සිසුන්ට Drive-In සම්මන්ත්‍රණ මාලාවක්

ගාල්ල අවට පාසල්වල ගුරු මණ්ඩලයක්, මෝටර් රථවල සිට සම්මන්ත්‍රණවලට සහභාගිවීමේ නව වැඩපිලිවෙලක් ඊයේ (23) ආරම්භ කර තිබුණි.

ගාල්ල අවට පාසල්වල ගුරු මණ්ඩලයක්, මෝටර් රථවල සිට සම්මන්ත්‍රණවලට සහභාගිවීමේ නව වැඩපිලිවෙලක් ඊයේ (23) ආරම්භ කර තිබුණි.

වැටුප් විෂමතා ඉවත්කිරීම සහ කොතලාවල ආරක්ෂක පනත අහෝසි කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ වර්ජනයෙන් දින 13ක සිට පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය නතර වී ඇති පසුබිමකය මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

අක්මීමන කදුරුදූව ප්‍රදේශයේ පැවැති මෙම සම්මන්ත්‍රණය ගාල්ල අවට පාසල්වල ගුරු මණ්ඩලයක් එක්ව ඊයේ සිට අපොස සාමාන්‍ය පෙළ දරුවන් මුලික කරගනිමින් ආරම්භ කර තිබුණි. ඒ අනුව, 9, 10 සහ 11 ශ්‍රේණිවලට අදාළ විෂය නිර්දේශ මෙමගින් ආවරණය කිරීම මෙම ගුරුවරුන්ගේ අපේක්ෂාවය.

ඊට සහභාගී වූ සියලු දරුවන් මෝටර් රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදිවල සිට සම්මන්ත්‍රණයට සහභාගීවීම විශේෂත්වයකි.