අද උදෑසන සිට ගතවූ පැය 24 තුළදී මෙරට පුරා සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් තිබෙනවා.
මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද උදෑසන ප්‍රකාශ කළා.
මෙවනෙු අතරින් 6 දෙනකු යතුරුපැදිකරුවන් වන අතර තවත් තිදෙනකු පදිකයන් වේ. ඒක් අයෙකු ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයකු වේ.
රට තුළ සිදුවන අනතුරුවලින් බොහොමයකම වින්දිතයන් වන්නේ යතුරුපැදිකරුවන් සහ පදිකයන් වන බවත් ශ්‍රී ලංකාව තුළ රථවාහන 83000 කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර ඉන් 60,000 ක ප්‍රමාණයක් යතුරුපැදි බවත් පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
මෙම තත්ත්වය වළක්වා ගැනීම මාර්ග නීති නීති වලට අනුගතව කටයුතු කළ යුතු අතර යතුරුපැදිකරුවන් ඇතුළු කුඩා වාහන පදවන පුද්ගලයන් මෙයට වඩා ආරක්ෂිතව තම රථය ධාවනය කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත්ප්‍රකාශ කළා.