නිල දිරිගැන්වීමේ සහකරු ඊවා (Eva) - ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීමට පෙරමුණට එයි

 නිල දිරිගැන්වීමේ සහකරු ඊවා (Eva) - ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීමට පෙරමුණට එයි නිල ඔල්වරසන් ගීතයක් සමඟින් ශ්‍රී ලාංකිකයින් එක්රොක් කරන වැඩසටහනක් දියත් කෙරේ.

නිල ඔල්වරසන් ගීතයක් සමඟින් ශ්‍රී ලාංකිකයින් එක්රොක් කරන වැඩසටහනක් දියත් කෙරේ.

  #wecan #defybarriers

ICL Brands පෞද්ගලික සමාගමේ ඊවා (Bra) සන්නාමය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සහයෝගීතාවයකට එළඹෙමින් 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ‘නිල දිරිගැන්වීමේ සහකරු’ බවට පත් වූ අතර ඒ වෙනුවෙන් පසුගියදා විශේෂ සන්නිවේදන වැඩසටහනක් දියත් කළේය. ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීම සඳහා ශ්‍රී ලාංකිකයින් එක්රොක් කිරීම සඳහා ‘නිල ඔල්වසරන් ගීතය’ දියත් කරමින් මෙම වැඩසටහන දියත් කෙරිණි.

‘නිල ඔල්වරසන් ගීතය’ දියත් කිරීමේ අවස්ථාව සඳහා ඔලිම්පික් රිදී පදක්ම් ජයග්‍රාහිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී නිලූ ජයතිලක මහත්මිය, ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු මණ්ඩල සාමාජික ෆාසිල් හුසේන් මහතා සහ ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය. ICL Brands හි සමූහ අධ්‍යක්ෂිකා, ශාන්ති බජිරාදන්, එම සමාගමේ විධායක නිලධාරී රාකේෂ් කොස්ලා, කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී, සුනිල් කනෝජියා යන මහත්ම මහත්මීන්ද විශේෂ අමුත්තන් වශයෙන් මේ අවස්ථාවට සහභාගී වූහ. සහ නිල ඔල්වරසන් ගීතය දියත් කිරීම සමාජ මාධ්‍ය ජාලා හරහා සජීවීව විකාශය කරමින් සන්නිවේදන ව්‍යාපෘතිය ආරම්භ වූ අතර එය ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවත්වෙන කාලසීමාව පුරාවට ශ්‍රී ලාංකිකයින් එක්රොක් කරමින් ක්‍රියාත්මක වනු ඇත.

මෙම අවස්ථාවට සහභාගී වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය ඊවා හි කාර්යභාරය අගය කරමින් මෙසේ පැවසුවාය “ICL Brands වැනි ප්‍රමුඛ පෙළේ සන්නාම ඔලිම්පික් උළෙලේදී අපේ රට නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට ඉදිරිපත් වනු දැකීම මට විශාල සතුටක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ, රට වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ ක්‍රීඩිකාවක් වශයෙන් මෙහි වටිනාකම මා හොඳින් දන්නවා”
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය මෙසේ පැවසීය “සන්නාමයක් වශයෙන් ඊවා ක්‍රියාත්මක වන්නේ ‘විශ්වාසයෙන් පෙරමුණට’ යන තේමාව සමඟයි. එනිසා උත්සාහය, ධෛර්යය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇති කැපවීම වැනි වටිනාකම් ඊවා සන්නාමය නිතරම ප්‍රවර්ධනය කරන ගුණාංගයන්. අපි හිතන විදියට අද ටෝකියෝ ඔලිම්පික් උළෙල
නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම සාමාජිකයෙක්ම, සාමාජිකාවක්ම මේ ගුණාංගවලට හොඳම උදාරහණයි. ඔවුන් තමන්ගේ ලොකුම සිහිනය සැබෑ කරගැනීමට වෙනුවෙන් අතිමහත් කැප කිරීමක් කරමින්, දැවැන්ත චිත්ත ධෛර්යයක් ඇතිව කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් හට අපේ ගෞරවය ලැබිය යුතුයි. එනිසා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ එක්ව ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගන්වන අතරම සන්නාමයක් වශයෙන් අපි විශ්වාස කරන වටිනාකම් රැසක් ප්‍රවර්ධනය කිරීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා”

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු මණ්ඩල සාමාජික ෆසීල් හුසේන් මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් මෙසේ පැවසීය “ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ ‘නිල දිරිගැන්වීමේ සහකරු’ වශයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මම ඊවා වෙත ස්තූතිවන්ත වෙනවා. ටෝකියෝවට ගොස් සිටින අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනා ලෝකය ඉදිරියේ හිසින් දරා සිටින්නේ අපේ රටේ ගෞරවයයි. එනිසා ඔවුන් වෙත අපේ ආදරය, ගෞරවය සහ දිරිගැන්වීම නොඅඩුව ලැබිය යුතුයි. ශ්‍රී ලාංකිකයින් වශයෙන් එය අපේ යුතුකමක්. එනිසා මා සිය`ඵ සහෝදර ශ්‍රී ලාංකික ජනතාවගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ මේ දිරිගැන්වීමේ වැඩසටහන හා සම්බන්ධ වී, අපේ ඔලිම්පික් කණ්ඩායමට සවියක් වීමට කටයුතු කරන ලෙසයි”

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී නිලූ ජයතිලක මහත්මිය මෙසේ පැවසුවාය “මෙවර ටෝකියෝ හි පැවත්වෙන ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම එක් අතකින් සුවිශේෂයි. ඒ කණ්ඩායමේ සාමාජිකයින් 9 දෙනාගෙන් 5 ක්ම ක්‍රීඩිකාවන් වන නිසා. මෙය සිය`ඵ ශ්‍රී ලාංකික කාන්තාවන් ආඩම්බර විය යුතු කාරණයක් බව මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සන්නාමයක් වන ඊවා ඔලිම්පික් කණ්ඩායමේ නිල දිරිගැන්වීමේ සහකරු බවට පත්වීමත් ඒ ආකාරයෙන් සුවිශේෂී සිදුවීමක්. ඊවා විසින් මේ වෙනුවෙන් දරන වෑයම වෙනුවෙන් මා ඔවුන්ට ස්තූතිවන්ත වන අතරම විශේෂයෙන්ම කාන්තාවන් ඇතුඵ සිය`ඵ ශ්‍රී ලාංකිකයින් හට මේ දිරිගැන්වීමේ වෑයමට දායක වන ලෙස ආරාධනා කරනවා”

නිල ඔල්වරසන් ගීතය ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ගායනා කරන අතර එහි පිටපත් දෙකක් හඳුන්වා දී ඇත. ‘ඇය වෙනුවෙන් ඊවා’ තේමාව සහිත ඔල්වරසන් ගීතය ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ කාන්තා සාමාජිකාවන් වෙනුවෙන්ම නිර්මාණය වූවකි. ‘ඔබ වෙනුවෙන් අපි’ තේමාව සමඟ එන ගීතය සමස්ත කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය වූ ගීතයයි. මෙම ඔල්වරසන් ගීතය කේන්ද්‍ර කරගත් ප්‍රචාරණ ව්‍යාපෘතිය ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වනතුරු ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීම සඳහා ආදරණීය ශ්‍රී ලාංකිකයන් එක්රොක් කරමින් ක්‍රියාත්මක වනු ඇත. ප්‍රචාරණ මාධ්‍ය ගණනාවක් ඔස්සේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර සමාජ මාධ්‍ය තුළ #wecan සහ #defybarriers භාවිතා කරමින් දිරිගන්වන්නන් හට මේ වෑයමට දායක විය හැකිය. 

සචිනි පෙරමුණේ" සන්නාම විධායක" ICL Brands, මානෙල් ධර්මකීර්ති, අලෙවිකරණ සහ අනුග්‍රාහකත්ව කමිටු සාමාජික, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, සුරේෂ් සුබ්‍රමනියම්, සභාපති, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, චේතිකා රාජපක්ෂ, අලෙවි කළමනාකාරිණි, ICL Brands, ශාන්ති බජිරාදන්, සමූහ අධ්‍යක්ෂිකා, ICL Brands, ෆසීල් හුසේන්, විධායක කමිටු සාමාජික, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, රිෂාන් අබේරත්න, මූල්‍ය ප්‍රධානී, ICL Brands.

සචිනි පෙරමුණේ" සන්නාම විධායක" ICL Brands, මානෙල් ධර්මකීර්ති, අලෙවිකරණ සහ අනුග්‍රාහකත්ව කමිටු සාමාජික, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, සුරේෂ් සුබ්‍රමනියම්, සභාපති, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, චේතිකා රාජපක්ෂ, අලෙවි කළමනාකාරිණි, ICL Brands, ශාන්ති බජිරාදන්, සමූහ අධ්‍යක්ෂිකා, ICL Brands, ෆසීල් හුසේන්, විධායක කමිටු සාමාජික, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, රිෂාන් අබේරත්න, මූල්‍ය ප්‍රධානී, ICL Brands.

චේතිකා රාජපක්ෂ, අලෙවි කළමනාකාරිණි, ICL Brands, සුසන්තිකා ජයසිංහ, දුශාන් වාස්, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී, නිලූ ජයතිලක, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජික ෆසීල් හුසේන් මහත්ම මහත්මීන් නිල ඔල්වරසන් ගීතය හඳුන්වා දෙන අවස්ථාවේදී.

චේතිකා රාජපක්ෂ, අලෙවි කළමනාකාරිණි, ICL Brands, සුසන්තිකා ජයසිංහ, දුශාන් වාස්, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී, නිලූ ජයතිලක, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජික ෆසීල් හුසේන් මහත්ම මහත්මීන් නිල ඔල්වරසන් ගීතය හඳුන්වා දෙන අවස්ථාවේදී.

 


සුසන්තිකා ජයසිංහ මහත්මිය නිල ඔල්වරසන් ගීතය හඳුන්වා දෙන අවස්ථාවේදී අදහස් දක්වමින්.

සුසන්තිකා ජයසිංහ මහත්මිය නිල ඔල්වරසන් ගීතය හඳුන්වා දෙන අවස්ථාවේදී අදහස් දක්වමින්.

චේතිකා රාජපක්ෂ" අලෙවි කළමනාකාරිණි, ICL Brands නිල ඔල්වරසන් ගීතය හඳුන්වා දෙන අවස්ථාවේදී අදහස් දක්වමින්.

චේතිකා රාජපක්ෂ" අලෙවි කළමනාකාරිණි, ICL Brands නිල ඔල්වරසන් ගීතය හඳුන්වා දෙන අවස්ථාවේදී අදහස් දක්වමින්.

 

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලූ ජයතිලක මහත්මිය සහ ෆසීල් හුසේන් මහතා.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලූ ජයතිලක මහත්මිය සහ ෆසීල් හුසේන් මහතා.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: නිල දිරිගැන්වීමේ සහකරු ඊවා (Eva) - ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීමට පෙරමුණට එයි
නිල දිරිගැන්වීමේ සහකරු ඊවා (Eva) - ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීමට පෙරමුණට එයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9oJrUGnlk5v9ahmwnHvu1y1mq-9nmdYP-j7aZ91fAAhnOyEcldEt6NmdO8uR4rWs7gxkHt8IFL1PE4gL49vCdrrAiiwWQ6hlGRebC0nJtFZ5fQl5b2PEvtKEgzRup7j1skSZ_514leD8/s16000/official-encouragement-partner-eva-eva-to-the-forefront-of-encouraging-sri-lanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9oJrUGnlk5v9ahmwnHvu1y1mq-9nmdYP-j7aZ91fAAhnOyEcldEt6NmdO8uR4rWs7gxkHt8IFL1PE4gL49vCdrrAiiwWQ6hlGRebC0nJtFZ5fQl5b2PEvtKEgzRup7j1skSZ_514leD8/s72-c/official-encouragement-partner-eva-eva-to-the-forefront-of-encouraging-sri-lanka.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/07/28-official-encouragement-partner-eva-eva-to-the-forefront-of-encouraging-sri-lanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/07/28-official-encouragement-partner-eva-eva-to-the-forefront-of-encouraging-sri-lanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content