ඉන්දියාවෙන් ඇනවුම් කළ කුරහන් පැහැගත් මැදිරි තිහක් කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් මෙරටට රැගෙන ආ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (ප්‍රසම්පාදන) අසේල පතිරත්න මහතා පැවසීය. කොරෝනා වසංගතයට පෙර දුම්රිය එකසිය හැට ව්‍යාපෘතිය යටතේ මෙම දුම්රිය මැදිරි ඇණවුම් කර ඇත.
ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත මෙම මැදිරි තිහේ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂ 147ක් බව අසේල පතිරත්න මහතා පැවසීය.
එමහතා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි එකසිය හැටෙන් දහයක් 2021 මාර්තුමස මෙරටට රැගෙන ආ බවත් අද දින ලැබී ඇති මැදිරි තිහ සමග ලැබී ඇති මැදිරි මුළු ගණන 40 ක් වන බවයි. තවත් මැදිරි එකසිය විස්සක් ලැබීමට නියමිත බවද ඒ මහතා පැවසීය.
එම මැදිරි දිගින් මීටර් විස්සක් පමන වන අතර මැදිරි කට්ටල අතර 3වන පංතියේ මැදිරි දහතුනක්, 2වන පංතියේ මැදිරි අටක්,3වන පංතියේ තිරිංග මැදිරි හතරක්,2වන පංතියේ තිරිංග මැදිරි එකක්,1වන පංතියේ වායුසමන මැදිරි තුනක්,තැපැල් තිරිංග මැදිරි 1 ද ඇත.
මෙම මැදිරි මීට පෙර මෙරටට ගෙන්වන ලද එම් එකොළහා (M11) දුම්රිය එන්ජින් සඳහා සැකසු මැදිරි බවත්
එම මැදිරි පහත රට ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ ධාවනය කිරීමට නියමිතය.