පසුගියදා එමිරේට්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතරක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවන ලදී. එම තීරණය ලබන 28 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම ගුවන් සමාගම පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාව, පාකිස්ථානය, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල් සදහා මෙම තහනම බලපානු ලැබේ.
එමිරේට්ස් ගුවන් සේවා සමාගම වැඩිදුරටත් කියා සිටියේ එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවය. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සහ විශේෂ ගුවන් යනා එම රටවල් අතර ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාව, පාකිස්ථානය , බංග්ලාදේශය ඇතුළු රටවල් පහකින් කොවිඩ් නව ප්‍රභේද වාර්තා වීම් නිසා එතිහාඩ් ගුවන් සේවය ද පසුගිය සති දෙකක කාලය තුළ ගුවන් මගීන් රැගෙන ඒම ලබන 31 වැනිදා තෙක් අත්හිටුවීමට පියවර ගත්තේය.