මුහුණු පොත ඔස්සේ තරුණයකු මුළා කරමින් එම පුද්ගලයාගෙන් ලක්ෂ අටකට වැඩි
මුදල් ලබාගත් 40 හැවිරිදි තිදරු මවක් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට
කන්තලේ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය නියෝග කර ඇත.
කන්තලේ අග්බෝපුර අවුරුදු 32 ක අවිවාහක ව්‍යාපාරිකයෙකු සමග මාස හතරක පමණ කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා තිබෙන මෙම කාන්තාව එම කාලය තුළ 18 වතාවක දී රුපියල් 8,16500 ක මුදලක් ලබාගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
දඹුල්ල ඇඹුල්අඹේ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය මුහුණු පොත ඔස්සේ සුරූපී තරුණියකගේ ඡායාරූපයක් සහ මාතලේ ඉපැරණි වලව් නාමයකින් පෙනී සිට ඇති අතර තමාගේ වයස අවුරුදු 30ක් බවත් මාතලේ පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන බවත් පවසා ඇත.




