පසුගියදා පිලිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි හිෂාලිනිගේ මෘත දේහය නැවත ගොඩ ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කර තිබෙනවා.
දුර්වල මරණ පරීක්ෂණයක් සිදු වී ඇති බවට සැක කරන බැවින් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නැවතත් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දී තිබෙනවා.එමෙන්ම මෙම සිද්ධියේ විමර්ශන කටයුතු තවම මුල් අවධියේ පැවතීම හේතුවෙන් සැකකරුවන් එළඹෙන 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම නඩුවට අදාළ සැකකරුවන් රටේ ඉහල තනතුරක් දරන පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයන් වන බැවින් සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට යම් බාධාවක් එල්ල වීමට ඉඩ තිබෙන නිසා නිරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහේස්ත්‍රාත්වරිය පැවසුවා.
එමෙන්ම සැකකරුවන්ගේ දුරකතන දත්ත වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා ලබා දෙන ලෙස ඒ ඒ ආයතන වෙත නියෝග නිකුත් කර ඇති අතර අසනීප තත්වයේ පසුවන සැකකරුවන් ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.
මේ අතර දේහය මිහිදන් කර ඇති ඩයගම සුසාන භූමියට 26 දින සිට පොලිස් ආරක්ෂාව යොදා තිබෙන බව ඩයගම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.







