ශ්‍රී
ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය එංගලන්ත සංචාරයේදී ‘ජෛව ආරක්‍ෂක බුබුල' බිඳ
දමමින් රාත්‍රී කාලයේ වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට්
ක්‍රීඩකයන් තිදෙනා අද විශේෂ පංච පුද්ගල විනය කමිටුව හමුවට කැඳවීමට කටයුතු
යොදා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එදින විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී රැස්වීමට නියමිත මෙම විශේෂ විනය කමිටුවේ සභාපතිත්වය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා දරණු ලැබේ.




