ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ (28) වනදා පස්වරුවේ පැවසුවේ ගෑස් හිඟයක් ඇතිවේ යැයි බියෙන් පාරිභෝගිකයන් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගබඩා කරගැනීමට පෙළඹී ඇති බවයි.
ඇතැම් පාරිභෝගිකයන් ඔවුන් සතුව ඇති ගෑස් සිලින්ඩර දෙක තුනට එකවර ගෑස් සහිත සිලින්ඩර මිලදී ගැනීමට පෙළඹීම නිසා ඇතැම් ප්‍රදේශවල ව්‍යාජ ගෑස් හිඟයක් නිර්මාණ වී ඇත. සිය සමාගමේ දිනක සාමාන්‍ය ගෑස් සිලින්ඩර අළෙවිය 80,000 ක් වුවද පසුගිය දින දෙක තුළ අළෙවිය ලක්‍ෂ දෙක ඉක්මවා තිබූ බවත් එමහතා පැවසීය.
තෙෂාර ජයසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේ ගෑස් හිඟයක් පිළිබඳව ජනතාව කිසිඳු බියක් තබානොගත යුතු බවය.
මේ අතර රට පුරා ලාෆ්ස් ගෑස්වල හිඟයක් පවතින බවත් බොහෝ වෙළඳසල්වල ගෑස් නොමැති බව පවසන බවත් ඒ් නිසා විශාල අපහසුතාවකට පත්වූ ඇති බවත් පාරිභෝගික ජනතාව පවසයි.
ගෑස් අලෙවි නියෝජිතයන් පවසන්නේ පසුගිය දින කිහිපය තුළ ඒම ගෑස් සමාගම මගින් තමන් වෙත ගෑස් නිකුත් කර නොමැති බැවින් මෙම ලාෆ්ස් ගෑස් හිඟය වෙළෙඳ පොලේ ඇති වී තිබෙන බව.
ඇතැම් පාරිභෝගිකයින් ලාෆ්ස් ගෑස්
සිලින්ඩරය රැගෙන ලිට්රෝ වෙලදසල්වලට ගොස් තිබෙන අතර මේ දක්වා එම
වෙළෙදසල්ලිෙන් ලාෆ්ස් ගෑස් හුවමාරු කිරීමට දැනුම් දී නොමැති බව වෙළෙඳුන්
බව එම පාරිභෝගීකයෝපවසා සිටියි.
වෙළෙඳ පොළේ ගෑස් අවශ්‍යතාවයෙන් 70%ක් ලිට්රෝ සමාගම ද 30%ක් ලාෆ්ස් සමාගම මගින් ද සපයනු ලබනවා.




