ගෘහස්ථ විදුලි රැහැන් වයර්වල මිල 11% කින් අඩු කිරීමට දේශීය නිෂ්පාදන සමාගම් එකඟත්වය පළකර තිබෙන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
වයර් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන ආනයනික තඹ මිල ඉහළ යෑම නිසා පසුගිය දිනවල ගෘහස්ථ විදුලි රැහැන් වයර්වල මිල ද ඉහළ දැමුණා.
ඒ අනුව නිෂ්පාදන සමාගම් සමඟ සිදුකළ සාකච්ඡාවලින් පසුව අගෝස්තු 01වෙනිදා සිට ඔවුන්ගේ නිෂ්පාදන වර්ගවල මිල 11% කින් ද එක් නිෂ්පාදනයක් පමණක් 5% කින් ද මිල අඩු කිරීමට එකඟත්වය පළ කර ඇත.