ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා තොගයක් අද(31) ශ්‍රී ලංකාවට පිටත්කර යැවූ බව ජපානයේ ශ්‍රී ලංකාව තානාපති කාර්යාලය නිවේදනය කරයි. ජපානයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට මෙය ලැබීමට නියමිතය.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති ආර්. ගුණසේකර මහතා ද එන්නත් මාත්‍රා ගුවන් ගත කරන අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා වෙත එවා ඇත.
මෙම එන්නත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සිටින් පිරිස් සඳහා දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතයි.