දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පැවසුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අතර කිලෝ මිටර් 9 දශම 6 වීදියගොඩ ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටී තිබෙන බවයි. මෙම අනතුරින් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මාළු ලොරියක් ඉදිරියෙන් ගමන්ගත් තහඩුවලින් නිමවන ලද උපකරණ තොගයක් පටවාගෙන ගාල්ල දෙස සිට කොළඹ දෙසට පැමිණිමෙන් තිබූ ලොරි රථයේ ගැටී ඇත.ඉන්පසු ඉදිරියෙන් ගමන් ගත් ලොරිය වම් ආරක්ෂක වැටෙහි ගැටී ඇත.
මෙම අනතුර හේතුවෙන් පැය කීපයක් කොළඹ දෙසට ගමන් ගන්නා වාහන වලට තරමක බාධාවක් ද ඇති විය.
මේ අතර ඊයේ දිනයේ ද 27 වන කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරිරථයක් අනතුරටලක්වී තිබුන අතර පැය කීපයක් ග්ල්ල දෙසට ගමන්ගන්නා වාහනවලට බාධා ඇතිවු තිබුනා.