අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.
මේ අනුව හෙට (10) පෙරවරු 09.00 සිට අනිද්දා (11) පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජලාපවාහන මණ්ඩලය නිවෙදනය කරනවා.
මේ අනුව කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීම සිදුවන අතර කොළඹ 04 සහ 12 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීම සිදුකරනවා.