එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ " කොවැක්ස් " පහසුකම යටතේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු කොවිෂීල්ඩ් එන්නත් සහ වෛද්‍ය උපකරණ තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත අද රැගෙන ආ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසනවා.
මිලි ලීටර් 5 බැගින් වූ කොවිෂීල්ඩ් එන්නත් ඇසුරුම් 10 ක් , සිරින්ජර සහ එන්නත් ඉදිකටු තොගයක් ඇතුලත් කිලෝ ග්රැම් 14 ක් බරැති , එක් ඇසුරුමක් ලෙස තිබූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අංශයේ කාර්යය භාර නිලධාරීවරයා පවසයි.මෙම එන්නත් තොගය ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සිට පැමිණ තිබූ අතර එය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද අලුයම 04.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විති තිබෙනවා.