පුද්ගලයන් 266 දෙදෙනකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මේ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 48808 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔවුන් අතරින් 41000 ට ආසන්න ප්‍රමාණයකට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වූ පසු මෙම සෙසු පිරිස ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද ඔහු පැවසුවා.
මේ අතර පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කරමින් බස්නාහිර පළාත තුළට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයන් 205 කට අවවාද කර ආපසු හරවා යවෙ ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.